ඇත්තටම අපේ සිංහල බ්ලොග් වල දැනුම හුවමාරුව හොද මට්ටමක තිබුනට සංවාද මට්ටමේ අදහස් හුවමාරුව නම් පහළ මට්ටමක තියෙන බවයි පෙනෙන්නට තියෙන්නේ. බර වචනයකින් කියනවා නම් අප අතර ප්රබුද්ධ සංවාදයන් ඉතාමත් අල්පයි.
පළගැටියා විශ්වාස කරන්නෙ මෙතන ඉන්න සියල්ලන්ම පාහේ තරුණ ජවයෙන් යුතු අළුත් විදිහකට හිතන්න කැමති පිරිසක්. ඒ වගේ පිරිසක් එකතු වෙලා ඉන්න තැනක සංවාදයන් අඩුවීම නම් ලොකු අඩුවක්.
මෙතන තියෙන කාලීන සමාජයීය දේ ගැන ලියැවෙන බ්ලොග් සමහරක් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ලියවෙන්නේ. එවැනි ලිපි තුළින් කිසිවිටක සමාජයට වැඩදායී වන්නේ නෑ. හැමදාම බිල්ලො එනව කියල බය කලාම ඇත්තටම බිල්ලෙක් ආවත් කව්රුවත් ගනන් ගන්නේ නෑ. මෙතන ඉන්න සමහරුන්ට ආණ්ඩුවට හචිමක් ගියත් ඒක වැරදියටයි පේන්නෙ. හැබැයි ඒ අය විපක්ෂෙ ගැන නම් කට හොල්ලන්නෙ නෑ. පළගැටියා අහන්නේ එවැනි ලිපි වලින් කොහොමද තරුණ සමාජයක් තුළ කතිකාවතක් ගොඩ නගන්නේ.
තව සමහරු ලග තියෙන්නේ චෝදනා විතරයි. යොජනා නෑ. ඕනෙ කෙනෙකුට නියරට වෙලා කුඹුර හාන හැටි කියල දෙන්න පුළුවන්. හාන කොට අඩුපාඩු පෙන්නන්නත් පුළුවන්. ඒ උනාට හාන මනුස්සයා තමයි ඒකෙ රගේ දන්නේ. සමහරු හිතාගෙන ඉන්නේ මාධ්යන කරුවෝ ඉන්නේ අඩුපාඩු පෙන්නන්න විතරයි කියලා. ඔය මිනිස්සුන්ට බුලත් විට කඩයක්වත් දාගන්න පුළුවන්ද කියලනම් පළගැටියට සැකයි.
ඇත්තටම රටේ ඊලග පරපුර විදිහට අපි ලග නිර්මාණශීලි විසදුම් තියෙන්න ඕනෙ. ඒ ගැන කතා කරන්න ඕනේ. එහෙම නැතුව මුකුත් බැරි මිනිස්සු වගේ විවේචනයට සීමා වෙන්න නරකයි. හැමදෙයක් ගැනම ප්රායෝගිකව බලන්න පුරුදු වෙන්න ඕනේ. දැන් බලන්න ඇමතිවරු වැඩියි කියන එක ජනප්රිහය චෝදනාවක්. ඒ උනාට කාටද පුළුවන් ඇමතිවරු අඩු කරලා ආණ්ඩුවක් වැටෙන්නෙ නැතුව ගෙනියන්න. කියන්න නම් ලේසියි තමයි. ඒ උනාට කරන කොට තමයි තේරෙන්නේ. ඒ නිසා මීටවඩා පුළුල් විදිහට හිතමු කතාකරමු.