පළගැටියා දන්න නීතිය හැටියට නම් මෙතරම් බලගතු ජනපතිට තම බලතල අහෝසි කිරීමට නම් බලයක් නැත. ඔහු ඔලුවෙන් හිටගෙන කිව්වත් ජනපති ධූරය අහෝසි කළ යුතුයි කියා පාර්ලිමේන්තුවේ 2/3 බලයක් එනම් මන්ත්‍රීවරු 150 කගේ සහයක් නැතිව එය කිරීමට නොහැක. අපගේ වත්මන් විපක්ෂය මන්ත්‍රීආසන 150ක් කෙසේ වෙතත් ආසන 113ක් ගන්නේ කෙසේද කියාවත් ඔවුන් නොදනී.
ජනපති ධූරය අහෝසි කලද රජය සතු විධායක බලතල අහෝසි කල නොහැක. කළ හැක්කේ එම බලතල අගමැතිවරයාට පැවරීම හෝ ජනපති සතු යම් බලතල කප්පාදු කිරීමය. යම් හෙයකින් ජනපති ධූරය අහෝසි කරන්නේ නම් ඒ සමගම විධායක බලතල අගමැතිවරයාට පවරන්නේ කෙසේදැයි යෝජනා කොට මන්ර්‍තීවරු 150කගේ සහය ලබා ගත යුතුය. පළගැටියා දන්න දේශපාලන සංස්කෘතිය තුළ තවමත් ඒ සදහා ඉඩක් අප වටපිටාවේ නැත.
එසේ නම් අප විපක්ෂයට කිසිදා කළ නොහැකි දෙයක් අපට පෙන්වන්නේ අපි කොන්ඩෙ බැදපු චීන්නු කියා හිතන නිසාද නැත්නම් ඔවුන් දවල් හීන දකින නිසාද?????