Sunday, August 30, 2009

Facebook නොහොත් අපේ මූණුපොත

පළගැටියා එහෙ මෙහෙ යනකොට දැක්ක දෙයක් තමයි කට්ටිය facebook එකට සිංහලෙන් නමක් හදාගෙන මූණුපොත කියලා. ඒක දැක්ක ගමන් පළගැටියට හිතුනෙ මේ මොන විහිළුවක්ද කියලයි. නිකම් හරියට Mr.Bean ට බෝංචි මහතා කියල කියනවා වගේ වැඩක්නෙ මේක.

ඉංග්‍රීසි නම් වලට සිංහල නම් දෙන එක වැරදියි කියල පළගැටියා හිතන්නෙ නෑ. ඒ වුනාට ඉංග්‍රීසි නමේ පෙන්වන ‍සරල තේරුමට අමු අමුවෙ සිංහල නම් දෙන එක නම් රට්ටු හිනස්සන වැඩක්.

දැන් බලන්න Tale of two cities කියන ඉංග්‍රීසි නව කතාව. ඒක අපේ කට්ටිය සිංහලට පරිවර්තනය කලොත් බොහෝ දුරට නගර දෙකක කතාවක් කියල නම යොදාවි. නමුත් බලන්න ඒක දෙනුවර අන්දරය කියල ලස්සනට පරිවර්තනය වුන හැටි. ඒ වගේම තමයි අපි කවුරුත් දන්න White House. ඒකට සුදු නිවස යන නම යොදනවාට වඩා ධවල මන්දිරය යන නම කෙතරම් ගැලපෙනවාද?

අන්න ඒ විදිහට තේරුම පමණක් නොව ඒ නම යොදන දේට අදාළ ගති ලක්ෂණද නමක් යොදන කොට ඉතා වැදගත්.

8 comments:

  1. මමත් එකඟයි ඔයත් එක්ක.

    ReplyDelete
  2. Universal Joint කියන එකට "සර්වලෝක පූට්ටුව" කිව්ව වගේ තමයි! :කැපිටල් ඩී

    ReplyDelete
  3. අපේ රටේ ප්‍රවීණ ක්‍රිකට් විචාරකයෙක් දවසක් 'ස්ලිප්' ක්‍රීඩකයාට 'ලුහුට්ටා' කියල සිංහල වචනයක් හැදුවලු. පළවෙනි වතාවෙ ලුහුට්ටා කියද්දි පොඩි කසුකුසුවක් ගිහින් තියෙනවා... දෙවෙනි වතාවටත් ලුහුට්ටා කියද්දි ස්ටේඩියම් එක දෙවනත් වෙන්න ආවලු හූවක්... ලුහුට්ටා ලත් තැනම ලොප්! :D

    දූස්රාවට 'අනෙක් පන්දුව' කියන එකත් ඔහොමම තමා.

    ReplyDelete
  4. කෑෂ් (cache) කියන වචනෙට හැඹිලිය කියලත් දැම්මලුනෙ :P

    ReplyDelete
  5. කට්ටියගෙන් හොද ප්‍රතිචාර තියෙනවා වගේ. අපි පුළුවන් තරම් උත්සාහ කරමු ගැලපෙන නම් යොදන්න ඉදිරියේදී.

    ReplyDelete
  6. මුහුණ කියන එකට සමාන පද මතක් වෙන්නෙම නැහැනෙ
    මතක් වෙච්ච එකම සම්මන වචනෙ වුවන. ඒක කියන්න දිව උලුක් කර ගන්න ඕනෙ.

    පොත කියන එකට සමාන පදනම් තියෙනවා හොඳ මහප්‍රාණ අකුරු එක්ක

    ReplyDelete
  7. Facebook කියන්නෙ විදේශීය විශ්වවිද්‍යාල වල අලුත් නවක සිසුන්ට අධයයනය ආරම්භයේදී ලබාදෙන, තමන්ගේ batch එකේ ඉනන් කට්ටියගේ ඡායාරූපයක් එක්ක විස්තර ඇතුලත් කරපු පොතක්. මේක දෙන්නෙ අනිත් අයව ඉක්මනට අඳුරගන්න පුලුවන් වෙන්න උදව්වක් විදියටත්, batch එක පිලිබඳව මතකයක් විදියටත්. මේ අර්ථයෙන් නම් මුහුණුපොත කිව්වට ඇති වැරැද්දක් නෑ.

    තමුත් මගේ නම් අදහස Facebook.com වගේ වෙලඳ නාම සිංහලට පරිවර්තනය කරන්න යන එක නං විකාරයක්.

    ReplyDelete