Sunday, December 20, 2009

ගරිල්ලා මාර්කටිං

ජයන්ත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද ගරිල්ලා මාර්කටිං චිත්‍රපටය අන් කිසිම මැතිවරණයකට වඩා මේ මැතිවරණයට උචිතයැයි පළගැටියාට සිතේ. එම කතාවේ අපට අදාළ දෙය මෙසේ සැකවින් දක්වන්නම්. එහි දීද කතා කෙරෙන්නේ ජනාධිපතිවරණයක් ගැන‍යි. එහි විපක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා කටකතා හමුදාවක් නිර්මාණය කොට රට පුරා කට කතා පතුරුවා මැතිවරණය ජය ගනී.

අද ද එවැන්නක් සිදුවන බව පළගැටියාගේ අදහසයි. විපක්ෂය අද රට වටා පතුරුවන්නේ රාජපක්ෂ පවුල ඉතා දූෂිත බවත් ඔවුන් හොරකම් කරන බවත්ය. නමුත් හැමදේකටම ශ්‍රේෂ්ඨාධිකරණයට යන විපක්ෂයේ අපේක්ෂකයා හෝ වෙන අයෙකු මේ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් කරුණු දක්වන මාධ්‍ය වේදීන් හෝ බ්ලොග් කරුවන් අවළාද මිසක පිළිගත හැකි සාක්ෂි ‍පෙන්වන්නේ නැත්තේ ඇයි? අරය කිව්වා මෙයා කිව්වා, මේවා රටම දන්නවා යැයි කියමින් සිටිනවා මිසක් මේතාක් එක ලියවිල්ලක් පෙන්වීමට එම චෝදනා කරුවන් පියවර ගත්තාද???

මහින්දට මෙලෙස චෝදනා කිරීම අහස කඩාගෙන වැටෙනවා කියමින් දිවූ හාවා පසුපස දිවීමට සමාන නොවන්නේද???????? ඔබේ හිතට එකගව ටිකක් හිතන්න.

Friday, December 18, 2009

පොදු අපේක්ෂාව

ඔන්න ජාතියේ වාසනාවට පොදු අපේක්ෂකයකු පහළ වී ඇත. පොදු අපේක්ෂකයකු පහළ වන්නේ ජනතාවගේ පොදු අපේක්ෂාවන් මල් පල ගැන්වීමටය. (එසේ නොවන්නේ නම් ඔහු අපේක්ෂකයකු වන්නේ කෙසේද??) ඒ මෙතුවක් කල් ජනතාව පුල පුලා බලා සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටය. නමුත් එය කිරීමට අපහසු නිසාදෝ දැන් සූදානම විධායක ජනාධිපති ධූර‍යේ බලතල කප්පාදු කිරීමටය. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම නායකයන්ගේ වගකීමක් නිසා එය පුළුවන් ආකාරයකින් හෝ කිරීම වැදගත්ය.

මෙම විධායක බලතල නිසා බොහෝ දෙනෙකුට කරදර හිරිහැර විය. දින කිහිපයකින් විශ්‍රාම ගොස් විවේකීව සුවසේ ජීවිතය විදීමට සිටි SF ට හදිසියේ හමුදාපති වී වැඩිපුර වසර තුනක් යුද්ධ කිරීමට සිදුවිය. ඒනිසාම මරාගෙන මැරෙන බෝම්බයකටද මුහුණ දීමට සිදුවිය. රටේ විපක්ෂයට ජන වරමක් ලබා ගැනීම දවල් සිහිනයක් විය. ප්‍රභාකරන් ඇතුළු LTTE නඩයට ඊළම අහිමි විය. තමන්ට සිදු වූ දෑ මින් මතුවට කිසිවෙකුටත් සිදු නොවීමට කටයුතු කිරීම කෙතරම් අපූරුද?

Sunday, December 13, 2009

හරිම කැත වැඩක්.

අද Sunday Leader පුවත්පත දැක්ක පළගැටියාගේ ඇග කිලිපොලා ගියා. ඇත්තටම පළගැටියා *දේශපාලක* ‍ජෙනරල්තුමා ගැන කළකිරුනා. හරිම කැත වැඩක්.

Fonseka charged that communications were instead confined between the LTTE leaders, Norway, various foreign parties, Basil Rajapaksa, Member of Parliament and the powerful senior adviser to the President and such information was never conveyed to him as he supervised the final stages of the war. “Later, I learnt that Basil had conveyed this information to the Defense Secretary Gothabaya Rajapaksa – who in turn spoke with Brigadier Shavendra Silva, Commander of the Army’s 58th Division, giving orders not to accommodate any LTTE leaders attempting surrender and that “they must all be killed.”


Tuesday, November 17, 2009

විපක්ෂයේ දවල් හීන

මේ දිනවල එජාප ජවිපෙ ඇතුළු විපක්ෂය ගෙන එන යෝජනාව නම් විධායක ජනපති ධූරය අහෝසි කිරීමයි. ඒ සදහා ඔවුන් පෙන්වන මාර්ගය නම් ජනපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරි පත් කර ඔහු බලයට පත්වී ( එය නම් කිසි විටක සිදු නොවන බව පළගැටියාගේ මතයයි) දින 180ක් තුළ ජනපති ධූරය අහෝසි කිරීමයි.

පළගැටියා දන්න නීතිය හැටියට නම් මෙතරම් බලගතු ජනපතිට තම බලතල අහෝසි කිරීමට නම් බලයක් නැත. ඔහු ඔලුවෙන් හිටගෙන කිව්වත් ජනපති ධූරය අහෝසි කළ යුතුයි කියා පාර්ලිමේන්තුවේ 2/3 බලයක් එනම් මන්ත්‍රීවරු 150 කගේ සහයක් නැතිව එය කිරීමට නොහැක. අපගේ වත්මන් විපක්ෂය මන්ත්‍රීආසන 150ක් කෙසේ වෙතත් ආසන 113ක් ගන්නේ කෙසේද කියාවත් ඔවුන් නොදනී.

ජනපති ධූරය අහෝසි කලද රජය සතු විධායක බලතල අහෝසි කල නොහැක. කළ හැක්කේ එම බලතල අගමැතිවරයාට පැවරීම හෝ ජනපති සතු යම් බලතල කප්පාදු කිරීමය. යම් හෙයකින් ජනපති ධූරය අහෝසි කරන්නේ නම් ඒ සමගම විධායක බලතල අගමැතිවරයාට පවරන්නේ කෙසේදැයි යෝජනා කොට මන්ර්‍තීවරු 150කගේ සහය ලබා ගත යුතුය. පළගැටියා දන්න දේශපාලන සංස්කෘතිය තුළ තවමත් ඒ සදහා ඉඩක් අප වටපිටාවේ නැත.

එසේ නම් අප විපක්ෂයට කිසිදා කළ නොහැකි දෙයක් අපට පෙන්වන්නේ අපි කොන්ඩෙ බැදපු චීන්නු කියා හිතන නිසාද නැත්නම් ඔවුන් දවල් හීන දකින නිසාද?????

Saturday, October 10, 2009

දකුණ ගැන පළගැටි මතය

දකුණේ තීන්දුවත් එක්ක නැවතත් පළගැටියා කරළියට එන්නයි මේ සූදානම. කව්රුත් බලාපොරොත්තු වුන ආකාරයටම සන්ධානය විශිෂ්ඨ ජයක් ලැබුවා. නමුත් දකුණේ ජනතාව සන්ධානයට හිතන්නට යමක් ඉතිරි කළ තීන්දුවක් ලෙසයි පළගැටියා මෙම ප්‍රතිඵලය දකින්නේ. ඒ සන්ධනය බලාපොරොත්තු වූ ආකාරයේ ඡන්ද ප්‍රතිශතයක් නොලැබීම නිසයි.

දැන් සුපුරුදු පරිදි අපගේ පොදු විපක්ෂය හා ඔවුන්ගේ හොරණෑ වන් ඇතැම් බ්ලොග් කරුවන් උඩ පැන පැන කෑ ගසාවි ආණ්ඩුව පසු බා ඇතැයි කියලා. නමුත් පළගැටියා දන්නා පරිදි විපක්ෂයක සිහිනය විය යුත්තේ විපක්ෂයක් පිහිටු වීම නොව ආණ්ඩුවක් පිහිටු වීමයි. නමුත් ලැබී ඇති ප්‍රතිඵල වලට අනුව නම් ඔවුන්ට රජයටත් වඩා සිතන්නට යමක් දකුණේ ජනතාව ඉතිරි කොට ඇත.

දකුණේ ජනතාව ඉතා බුද්ධිමත්ව රජයට යම් රතු එළියක් දල්වා රජයේ ගමනට අවසර දී ඇති අතර පොදු විපක්ෂයට සුපුරුදු පරිදි රතු එළිය දල්වා ඔවුන්ව පසෙකින් තැබීමටද කටයුතු කර ඇත.

Thursday, September 10, 2009

වැඩකට ඇති දෙයක් ගැන කතා කරමුද?

පහුගිය දවස් ටිකේම පළගැටියා මුකුත් නොලිව්වේ ලියන්න කියලා වැදගත් යමක් නොතිබුන නිසයි. ඒ උනත් කට්ටියගෙ බ්ලොග් කියෙව්වාම මේ ටික කියන්න හිතුනා.

ඇත්තටම අපේ සිංහල බ්ලොග් වල දැනුම හුවමාරුව හොද මට්ටමක තිබුනට සංවාද මට්ටමේ අදහස් හුවමාරුව නම් පහළ මට්ටමක තියෙන බවයි පෙනෙන්නට තියෙන්නේ. බර වචනයකින් කියනවා නම් අප අතර ප්‍රබුද්ධ සංවාදයන් ඉතාමත් අල්පයි.

පළගැටියා විශ්වාස කරන්නෙ මෙතන ඉන්න සියල්ලන්ම පාහේ තරුණ ජවයෙන් යුතු අළුත් විදිහකට හිතන්න කැමති පිරිසක්. ඒ වගේ පිරිසක් එකතු වෙලා ඉන්න තැනක සංවාදයන් අඩුවීම නම් ලොකු අඩුවක්.
මෙතන තියෙන කාලීන සමාජයීය දේ ගැන ලියැවෙන බ්ලොග් සමහරක් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ලියවෙන්නේ. එවැනි ලිපි තුළින් කිසිවිටක සමාජයට වැඩදායී වන්නේ නෑ. හැමදාම බිල්ලො එනව කියල බය කලාම ඇත්තටම බිල්ලෙක් ආවත් කව්රුවත් ගනන් ගන්නේ නෑ. මෙතන ඉන්න සමහරුන්ට ආණ්ඩුවට හචිමක් ගියත් ඒක වැරදියටයි පේන්නෙ. හැබැයි ඒ අය විපක්ෂෙ ගැන නම් කට හොල්ලන්නෙ නෑ. පළගැටියා අහන්නේ එවැනි ලිපි වලින් කොහොමද තරුණ සමාජයක් තුළ කතිකාවතක් ගොඩ නගන්නේ.

තව සමහරු ලග තියෙන්නේ චෝදනා විතරයි. යොජනා නෑ. ඕනෙ කෙනෙකුට නියරට වෙලා කුඹුර හාන හැටි කියල දෙන්න පුළුවන්. හාන කොට අඩුපාඩු පෙන්නන්නත් පුළුවන්. ඒ උනාට හාන මනුස්සයා තමයි ඒකෙ රගේ දන්නේ. සමහරු හිතාගෙන ඉන්නේ මාධ්යන කරුවෝ ඉන්නේ අඩුපාඩු පෙන්නන්න විතරයි කියලා. ඔය මිනිස්සුන්ට බුලත් විට කඩයක්වත් දාගන්න පුළුවන්ද කියලනම් පළගැටියට සැකයි.

ඇත්තටම රටේ ඊලග පරපුර විදිහට අපි ලග නිර්මාණශීලි විසදුම් තියෙන්න ඕනෙ. ඒ ගැන කතා කරන්න ඕනේ. එහෙම නැතුව මුකුත් බැරි මිනිස්සු වගේ විවේචනයට සීමා වෙන්න නරකයි. හැමදෙයක් ගැනම ප්‍රායෝගිකව බලන්න පුරුදු වෙන්න ඕනේ. දැන් බලන්න ඇමතිවරු වැඩියි කියන එක ජනප්රිහය චෝදනාවක්. ඒ උනාට කාටද පුළුවන් ඇමතිවරු අඩු කරලා ආණ්ඩුවක් වැටෙන්නෙ නැතුව ගෙනියන්න. කියන්න නම් ලේසියි තමයි. ඒ උනාට කරන කොට තමයි තේරෙන්නේ. ඒ නිසා මීටවඩා පුළුල් විදිහට හිතමු කතාකරමු.

Saturday, September 5, 2009

කරනවා නම් මෙන්න වැඩක්

මේ දවස් ටිකේ තොරතුරු තාක්ෂණය දේශීයකරණය වගේ ටිකක් බරපතල මාතෘකා දැක්කම පළගැටියටත් හිතුනා ටිකක් ඊට අදාළව යෝජනවක් ඉදිරිපත් කරන්න.

පළගැටියත් ඉතින් මෙහෙම හිටියට ඔය ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා කිහිපයකටම ගිහින් තියෙනවා. ඉන් සමහරක් සම්පූර්ණයෙන්ම වගේ ස්වයංක්‍රීයයි. ඇත්තටම බලන් ඉන්නත් පුදුමයි යන්ත්‍ර සූත්‍ර වලට මෙහෙම මිනිස්සු වගේ වැඩ කරන හැටි දැක්කම. අවස්ථාවක් ලැබුනොත් ගිහිල්ලම බලන්නකෝ.

ඒක ඇත්තටම ඉංජිනේරු විද්‍යාවත් පරිගණක හා තොරතුරු තාක්ෂණයත් එකතු වෙල කරන බොහොම ප්‍රායෝගික වැඩක්. මේවා බොහොමයක් හදල තියෙන්නේ ජර්මනිය ඉතාලිය වගේ රටවල. හැබැයි ගොයියො ලෙඩක් හැදුනොත් එහෙම සුද්දෙකුට එන්නම වෙනවා හදන්න. ලැජ්ජාවෙ පණ යනවා අපේ රටේ ඉන්න දක්ෂ කොල්ලො කෙල්ලො දැක්කම අපිට සුද්දෙක්ම ඕනෙ වෙන හැට් දැක්කම.

ඉතින් මේ පද්ධති වල තියෙනවා ඔය monitor එක වගේ කෑලිත්. ඉතින් අපේ ඇත්තන්ට පුළුන්නම් මෙවා සිංහලෙන් වැඩ කරන විදිහට හදන්න, ඒක හුගක් ප්‍රයෝජනවත් වේවි. සමහර විට ඒ වගේ දේකට වැඩි අවදානයක් දීම නම් හුගක් වටින දෙයක් වේවි.