Thursday, April 1, 2010

ලැජ්ජයි ලැජ්ජයි

තරුණයන් 20ක් පමණ එක් වී එක් තරුණයකු බිම දමා වට කරගෙන පයින් ගසන ඉතා සංවේදී දර්ශනයක් පසුගියදා දක්නට ලැබුනි. කරුණු කාරණා සොයාගෙන යනකොට දැනගන්නට ලැබුනා NDT සිසුන් පිරිසක් තමන්ගේම සහෝදර NDT සිසුන්ට මෙසේ පහර දුන් බව.

ඇත්තටම ලැජ්ජයි. මහජනතාවගේ බදු මුදල් වලින් නිදහස් අධ්‍යාපනය ලබන මොවුන් මේවද කරන්නේ?

දැන ගන්නට ලැබුනු කාරණා අනුව නවක වදයට එරෙහිව NDTය තුළින්ම නැගී සිටින පිරිසකට නවක වදය වෙනුවෙන් පෙනී සිටින අපේ රටට කවදත් මදි නැතුව ආදරය කරන විමුක්තිකාමී රතු සහෝදරයන්ගේ අන්තරයේ පහස ලබන පිරිසක් විසින් ඉතා මිලේච්ච ලෙස පහර දුන් බවයි.

පහුගිය කාලය පුරාම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කල මොවුන් තමන්ගේ විරුද්ධමත ධාරීන්ට සළකන්නේ මෙන්න මෙහෙමයි. අපූරු යහ පාලනය.