Sunday, December 20, 2009

ගරිල්ලා මාර්කටිං

ජයන්ත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද ගරිල්ලා මාර්කටිං චිත්‍රපටය අන් කිසිම මැතිවරණයකට වඩා මේ මැතිවරණයට උචිතයැයි පළගැටියාට සිතේ. එම කතාවේ අපට අදාළ දෙය මෙසේ සැකවින් දක්වන්නම්. එහි දීද කතා කෙරෙන්නේ ජනාධිපතිවරණයක් ගැන‍යි. එහි විපක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා කටකතා හමුදාවක් නිර්මාණය කොට රට පුරා කට කතා පතුරුවා මැතිවරණය ජය ගනී.

අද ද එවැන්නක් සිදුවන බව පළගැටියාගේ අදහසයි. විපක්ෂය අද රට වටා පතුරුවන්නේ රාජපක්ෂ පවුල ඉතා දූෂිත බවත් ඔවුන් හොරකම් කරන බවත්ය. නමුත් හැමදේකටම ශ්‍රේෂ්ඨාධිකරණයට යන විපක්ෂයේ අපේක්ෂකයා හෝ වෙන අයෙකු මේ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් කරුණු දක්වන මාධ්‍ය වේදීන් හෝ බ්ලොග් කරුවන් අවළාද මිසක පිළිගත හැකි සාක්ෂි ‍පෙන්වන්නේ නැත්තේ ඇයි? අරය කිව්වා මෙයා කිව්වා, මේවා රටම දන්නවා යැයි කියමින් සිටිනවා මිසක් මේතාක් එක ලියවිල්ලක් පෙන්වීමට එම චෝදනා කරුවන් පියවර ගත්තාද???

මහින්දට මෙලෙස චෝදනා කිරීම අහස කඩාගෙන වැටෙනවා කියමින් දිවූ හාවා පසුපස දිවීමට සමාන නොවන්නේද???????? ඔබේ හිතට එකගව ටිකක් හිතන්න.

Friday, December 18, 2009

පොදු අපේක්ෂාව

ඔන්න ජාතියේ වාසනාවට පොදු අපේක්ෂකයකු පහළ වී ඇත. පොදු අපේක්ෂකයකු පහළ වන්නේ ජනතාවගේ පොදු අපේක්ෂාවන් මල් පල ගැන්වීමටය. (එසේ නොවන්නේ නම් ඔහු අපේක්ෂකයකු වන්නේ කෙසේද??) ඒ මෙතුවක් කල් ජනතාව පුල පුලා බලා සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටය. නමුත් එය කිරීමට අපහසු නිසාදෝ දැන් සූදානම විධායක ජනාධිපති ධූර‍යේ බලතල කප්පාදු කිරීමටය. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම නායකයන්ගේ වගකීමක් නිසා එය පුළුවන් ආකාරයකින් හෝ කිරීම වැදගත්ය.

මෙම විධායක බලතල නිසා බොහෝ දෙනෙකුට කරදර හිරිහැර විය. දින කිහිපයකින් විශ්‍රාම ගොස් විවේකීව සුවසේ ජීවිතය විදීමට සිටි SF ට හදිසියේ හමුදාපති වී වැඩිපුර වසර තුනක් යුද්ධ කිරීමට සිදුවිය. ඒනිසාම මරාගෙන මැරෙන බෝම්බයකටද මුහුණ දීමට සිදුවිය. රටේ විපක්ෂයට ජන වරමක් ලබා ගැනීම දවල් සිහිනයක් විය. ප්‍රභාකරන් ඇතුළු LTTE නඩයට ඊළම අහිමි විය. තමන්ට සිදු වූ දෑ මින් මතුවට කිසිවෙකුටත් සිදු නොවීමට කටයුතු කිරීම කෙතරම් අපූරුද?

Sunday, December 13, 2009

හරිම කැත වැඩක්.

අද Sunday Leader පුවත්පත දැක්ක පළගැටියාගේ ඇග කිලිපොලා ගියා. ඇත්තටම පළගැටියා *දේශපාලක* ‍ජෙනරල්තුමා ගැන කළකිරුනා. හරිම කැත වැඩක්.

Fonseka charged that communications were instead confined between the LTTE leaders, Norway, various foreign parties, Basil Rajapaksa, Member of Parliament and the powerful senior adviser to the President and such information was never conveyed to him as he supervised the final stages of the war. “Later, I learnt that Basil had conveyed this information to the Defense Secretary Gothabaya Rajapaksa – who in turn spoke with Brigadier Shavendra Silva, Commander of the Army’s 58th Division, giving orders not to accommodate any LTTE leaders attempting surrender and that “they must all be killed.”