Friday, January 15, 2010

කුහක කම

ජවිපෙ ආරම්භයේ පටන්ම කලේ මේ රටේ දුක් විදින ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ටම බඩේ පහර ගැසීමය.

එදා 1971 දී ඔවුන් දියත් කළ විප්ලවය නිසා ජනතාවට විමුක්තිය කෙසේ වෙතත් රටට ජාතියට තරුණ ජීවිත දහස් ගණනක් මෙන්ම පොදු දේපොල කෝටි ගණනක් අහිමි වූයේ රට වසර දහයකින් ආපස්සට ඇද දමමින්ය. 70-77 යුගයේ ආර්ථිකය බිද වැටීමට මෙය සෘජුව බලපෑවේ රටේ සම්පත් හා රටේ තරුණ ජීවිත රටට අහිමු වූ නිසාය.

අනතුරුව එළභඹෙන ජේ.ආර්. යුගයේ ආරම්භ කළ මහා පරිමානයේ සංවර්ධන කටයුතු වල ප්රවතිලාබ ජනතාවට නිසි පරිදි නොලැබීමට ප්ර්ධාන හේතු දෙකක් ඇත. එකක් උතුරේ කොටි ත්‍රස්තවාදයයි. අනෙක දකුණේ ජවිපෙ විසින් වැපිරූ භීෂණයයි.

මේ නිසාම උතුරේ ත්‍රස්තවාදය මර්ධනය කිරීමට තිබු සම්පත් දකුණ සන්සුන් කිරීමට යෙදවීමෙන් රටට තව තවත් අස්ථාවර විය.

මෙම විප්ලව දෙක නිසාම තරුණ ජීවිත, උගතුන්, බුද්ධිමතුන්, රණවිරුවන්, ආගමික දේශපාලන නායකයින් දහස් ගණනින් රටට අහිමි කිරීමට ජවිපෙ සමත් විය. රට ආපස්සට තල්ලු වූයේ දුප්පතුන් තව තවත් වල පල්ලට යවමිනි.

එදා 2001 දී බලයට පත්වූ රජය ගෙනගිය ආර්ථික වැඩ පිළිවෙලේ ප්ර.තිලාබ ජනතාවට ලැබෙන්නට පෙර එවකට ජනාධිපතිනිය ලවා එම රජය පෙරලුවේ අන් කිසිවෙකුත් නොව ජවිපෙ මය.

ජවිපෙ විසින් සිදුකල සෑම ප්රිධාන කටයුත්තකින්ම අසරණ වූයේ රටේ පීඩිත දුප්පත් ජනතාවයි. ජවිපෙ පෙනී සිටින්නේ මෙම ජනතාව වෙනුවෙනි. දුප්පත් කම තුරන් වනවිට බඩේ පහර වදින්නේ ජවිපෙටමය.

මේ නිසා ඔවුන් කිසි දිනක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියනට සහය නොදක්වයි.ඒවායේ අඩු පාඩු සොයමින් ඒවා කඩාකප්පල් කරයි. ප්රවධාන පක්ෂ දෙකේ ඇති මතභේද යොදා ගනිමින් ආණ්ඩු පෙරළයි. වැඩ වර්ජන උද්ඝෝෂණ හරහා රට අවුල් කරයි. දුප්පත්කම දුරලීමට කිසිවක් නොකරයි. දුප්පත් මිනිහෙක් උත්සාහයෙන් දියුණු වුවහොත් සතුටු වනවා වෙනුවට හොරා යැයි කියමින් වෛරය පතුරවයි. රටේ දියුණුවට යන ගමන කෙසේ හෝ ආපසු හරවා පටන් ගත් තැනටම ගෙන එයි. ඉතිහාසය පුරාම සිදු වී ඇත්තේ මෙයමය. දැන් සිදු වන්නේ මෙය නොවේ යැයි කාට නම් කිව හැකිද?

Thursday, January 14, 2010

තීරණය ඔබගේය

ලෝ‍කයේ උතුම්ම රට ශ්‍රී ලංකාව බව අප අනාදිමත් කලක පටන් කීවත් මේ උතුම් රටට කුමක් හෝ අපලයක් හෝ කරුමයක් තිබේදෝයි මට ඉතිහාසය ගැන සොයන විට සිතුනා. නිදහස ලැබූදා පටන් අද දක්වා අපි තවමත් තුන්වන ලෝකයේ රටක් ලෙස පවතින්නේ ඇයි?

මටනම් හිතෙන්නේ මේතාක් දක්වා රටට හිතකර කිසිම දීර්ග කාලීන ව්‍යාපෘතියක් නිම කිරීමට නොහැති වීම මීට හේතුව බවයි. ඒ සදහා පාලකයන් පමනක් නොව රටේ ජනතාවද වගකිව යුතුය.

එදා 1948 දී නිදහස ලබා ආරම්භ කල වැඩ පිළිවෙල ඩී.එස්. සේනානායකයන්ගේ අකල් වියෝවත් සමග නැවතී ගියා.

1956 දී පංච මහා බලවේගයන් පෙරටු කරගෙන පැමිණි ඒ විප්ලවීය ගමන් මග බණ්ඩාරණායක මහතාගේ ඝාතනයෙන් නැවතී ගියේ ජාතියේ අවාසනාව තවත් තහවුරු කරමින්.

60-70 දශකය තුළ රටේ සංවර්ධනයට මහා පරිමාණ වැඩසටහන් එතරම් ආරම්භ වූයේ නැත.

1970-77 යුගය ඉතාමතාම වැදගත් යුගයක්. බොහෝ දෙනෙකුට අගහඅග කම් තිබුනත් රටක් ජාතියක් විදිහට තම දෙපයින් නැගී සිටීමට පදනම දැමූ යුගයක් ලෙස එය හැදින්විය හැක. විදෙස් රටවලට ඇති සියලුම ණය ගෙවා එම වැඩ පිළිවෙලේ ඊළග අදියර ක්‍රියාත්මක කිරීමට අපේ ජනතාව අවසර දුන්නේ නැත.

අනතුරුව පත් වන ජේ.ආර් රජය තමන්ටම ආවේනික වූ ක්‍රම වේදයකින් රට ගොඩ නැගීමට උත්සාහ කලා. මහවැලිය ඒ අතුරින් ප්‍රධානයි. නමුත් ඒ වනවිට ඇති වූ උතුරේ ත්‍රස්තවාදයත් දකුණේ භීෂණයත් එහි නිසි ප්‍රතිඵල රටට අහිමි කලා.

අනතුරව මෑතක් වනතුරු කිසිම වැදගත් මහාපරිමාණ වැඩ පිළාවෙලක් මෙරය ක්‍රියාත්මක වූයේ නැත.

වසර තිහක යුද්ධය නිමා වී ඇති මේ මොහො‍තේ රටේ අති මහත් බහුතරයක් ඉල්ලා සිටින්නේ සංවර්ධනයයි. එය සැබවින්ම ජනතාවගේ පොදු අපේක්ෂාවයි.

වෙනසක් වෙනුවෙන් විශ්වාසය තබා සිටින ජනතාව වෙනුවෙන් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ කුමක්ද?

මෙහි ඉතා පැහැදිළිව සදහන් වන්නේ අප සංවර්ධනය ගැන අවධානය යොමු කළ යුතු අවස්ථාවක හිටියත් අප මංසන්ධියක් වෙත පැමිණ ඇත. ඒ නිසාමදෝ ඔහු තමන් ඉදිරිපත් කරන ප්‍රජාතන්තුවාදය තහවුරු කිරීම ගැන හැර සංවර්ධනය ගැන කිසිවක් ඔහුගේ ප්‍රධන කරුණු දහයේ සදහන් නොවේ.

තවද මෙහි සදහන් කර ඇති කිසිවක් නිශ්චිත කරුණු හැටියට දක්වා නැති අතර ඒවා කරන හැටි දන්න කිසිවෙකුත් නැත. ජනතාවට ඇත්තේ ඒ පිළිපදව විශ්වාසය තැබීමට පමණී.

එපමණක් නොවේ ඔහු කිසිම ආකාරයකින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ගැන කතා කරන්නේද නැත. රටට අවශ්‍ය වෙනස මෙයද?

Saturday, January 2, 2010

ජෙනරාල් ඔබසැන්ජෝ (General Obasanjo)

1999 දී ජෙනරාල් ඔබසැන්ජෝ (General Obasanjo) නයිජීරීයාවේ ජනාධිපති ලෙස මහජන ඡන්දයෙන් තේරී පත්වූයේ එරට පැවති ආර්ථික සමාජීය හා දේශපාලන ගැටලු විසදීමේ අපේක්ෂාවෙනි. නමුත් 2007 වසරේදී ඔහු එම ධූරයෙන් සමුගන්නා විටත් එම ප්‍රශ්න එලෙසම පැවති අතර ජනවාර්ගික අර්බුධ ආදිය වඩාත් බරපතළ තත්වයකට පත් වී තිබුනි.

නමුත්‍ මෙය සිදු වූයේ ජෙනරාල් ඔබසැන්ජෝ (General Obasanjo) අදක්ෂයකු නිසා නොවේ. ඔහු සැබවින්ම දක්ෂයෙකි. නමුත් ඒ යුධ පිටියේ දීය. ඒ නිසාමදෝ ඔහු විසින් ආර්ථික සමාජීය හා දේශපාලන වැනි සංකීර්ණ ගැටලු විසදීමට තාර්කික විද්‍යාත්මක හා සරල න්‍යායාත්මක ක්‍රම භාවිතා කරන ලදී.


නමුත් මෙවැනි අවස්ථානකට දැක්මක් හා අධිෂ්ඨානයක් මෙන්ම මිනිසුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම, ඔවුන්ට ඇහුම්කම් දීම. විරැද්ධ මත ඉවසීම, තමන්ගේ වැඩ පිළි‍වෙලට අන් අයගේ සහය ලබා ගැනීම, ඒ සදහා ඔවුන් පොළඹවා ගැනීම(අණ දීමකින් තොරව) වැනි ගුණාංගද අත්‍යවශ්‍යය. නමුත් ජෙනරාල් ඔබසැන්ජෝ (General Obasanjo) ට නොතිබුනේද එයමය.