Saturday, September 5, 2009

කරනවා නම් මෙන්න වැඩක්

මේ දවස් ටිකේ තොරතුරු තාක්ෂණය දේශීයකරණය වගේ ටිකක් බරපතල මාතෘකා දැක්කම පළගැටියටත් හිතුනා ටිකක් ඊට අදාළව යෝජනවක් ඉදිරිපත් කරන්න.

පළගැටියත් ඉතින් මෙහෙම හිටියට ඔය ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා කිහිපයකටම ගිහින් තියෙනවා. ඉන් සමහරක් සම්පූර්ණයෙන්ම වගේ ස්වයංක්‍රීයයි. ඇත්තටම බලන් ඉන්නත් පුදුමයි යන්ත්‍ර සූත්‍ර වලට මෙහෙම මිනිස්සු වගේ වැඩ කරන හැටි දැක්කම. අවස්ථාවක් ලැබුනොත් ගිහිල්ලම බලන්නකෝ.

ඒක ඇත්තටම ඉංජිනේරු විද්‍යාවත් පරිගණක හා තොරතුරු තාක්ෂණයත් එකතු වෙල කරන බොහොම ප්‍රායෝගික වැඩක්. මේවා බොහොමයක් හදල තියෙන්නේ ජර්මනිය ඉතාලිය වගේ රටවල. හැබැයි ගොයියො ලෙඩක් හැදුනොත් එහෙම සුද්දෙකුට එන්නම වෙනවා හදන්න. ලැජ්ජාවෙ පණ යනවා අපේ රටේ ඉන්න දක්ෂ කොල්ලො කෙල්ලො දැක්කම අපිට සුද්දෙක්ම ඕනෙ වෙන හැට් දැක්කම.

ඉතින් මේ පද්ධති වල තියෙනවා ඔය monitor එක වගේ කෑලිත්. ඉතින් අපේ ඇත්තන්ට පුළුන්නම් මෙවා සිංහලෙන් වැඩ කරන විදිහට හදන්න, ඒක හුගක් ප්‍රයෝජනවත් වේවි. සමහර විට ඒ වගේ දේකට වැඩි අවදානයක් දීම නම් හුගක් වටින දෙයක් වේවි.

2 comments:

  1. ඔයා ඔය කියන්නේ,Industrial Automation, PLC, SCADA වගේ දේවල් ගැනනම් මොනිටරය මත දිස්වෙනදේ විතරක් සිංහල වලට වෙනස් කිරීමෙන් පලක්වෙයිද යන්න සැක සහිතයි. එවාවල යටින් දුවන,Ladder Logic, RS Works වගේ මෘදුකාංග ඉගෙන ගැනීමයි කලයුත්තේ. මං හිතන්නෙ දෑන් එවා ලංකාවෙ උගන්නනවා.

    ReplyDelete
  2. ඔව ලංකාවෙ උගන්නනවා German tec (CGTTI) එකේ , PLC ,S-7300,අලුතෙන්ම S-7400 තාමනම් ලංකාවෙ බාවිතය අඩුයි.

    ReplyDelete