Thursday, April 1, 2010

ලැජ්ජයි ලැජ්ජයි

තරුණයන් 20ක් පමණ එක් වී එක් තරුණයකු බිම දමා වට කරගෙන පයින් ගසන ඉතා සංවේදී දර්ශනයක් පසුගියදා දක්නට ලැබුනි. කරුණු කාරණා සොයාගෙන යනකොට දැනගන්නට ලැබුනා NDT සිසුන් පිරිසක් තමන්ගේම සහෝදර NDT සිසුන්ට මෙසේ පහර දුන් බව.

ඇත්තටම ලැජ්ජයි. මහජනතාවගේ බදු මුදල් වලින් නිදහස් අධ්‍යාපනය ලබන මොවුන් මේවද කරන්නේ?

දැන ගන්නට ලැබුනු කාරණා අනුව නවක වදයට එරෙහිව NDTය තුළින්ම නැගී සිටින පිරිසකට නවක වදය වෙනුවෙන් පෙනී සිටින අපේ රටට කවදත් මදි නැතුව ආදරය කරන විමුක්තිකාමී රතු සහෝදරයන්ගේ අන්තරයේ පහස ලබන පිරිසක් විසින් ඉතා මිලේච්ච ලෙස පහර දුන් බවයි.

පහුගිය කාලය පුරාම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කල මොවුන් තමන්ගේ විරුද්ධමත ධාරීන්ට සළකන්නේ මෙන්න මෙහෙමයි. අපූරු යහ පාලනය.

3 comments:

  1. මචන් හැමදාම මෙහෙම තමයි කැම්පස් ඇතුලෙ.. මෙතන කාටවත් බැනලා වැඩක් නැහැ.. මිනිස්සුන්ගෙ ඔලුවට තෙල් ගහලා විනාශ කරනවා මුලින්ම... ඔනැම තැනක බෙදිම් තියනවා... නමුත් කැම්පස් ඇතුලෙ ගහගනිද්දි එලියෙ බලන් ඉන්න මිනිස්සු කියන දෙ තමයි වැදගත්.. අනිකාට වැඩිය තමුන් උසස් කියන දෙ හිතෙ තිබ්බාට කමක් නැහැ, නමුත් ක්‍රියාවෙන්ම එදෙ පෙන්නන කුහකයින්ව සමාජයෙ නිරුවත් කරන්න ඔනා.. කාලෙකින් ඉංජිනෙරු පිඨයයි, NDT එකයි වලියක් දාගත්තෙ නැහැ නෙද... මොකද සින් එක.. 2009 කියන්නෙ වලියක් යන්න ඔනා වසරක්..

    ReplyDelete
  2. රන්ඩුවට හේතුව දන්නෙ නෑ.හැබැයි පලගැටියා රතු මල්ලිලා එක්ක අවුල් වගේ.බිලොග් කරනවානමි අපක්සපාතීව කරන්න.නිකං කාටවත් කඩෙ යන්න ඔන නෑනේ

    ReplyDelete