Sunday, June 6, 2010

සරසවි සිසුනි නිදහස් අධ්‍යාපනය රැකගන්නට නම්

ඔන්න දුප්පත් පවුලක් ඉන්නවා.ඒගොල්ලන්ට මැණිකක් හම්බ වෙනවා. ඉතින් මේ අය මැණික හොදින් රැක ගන්නවා. ඒ වුනාට මැණික ගේ ඇතුලේ හංගගෙන ඉන්න නිසා දුප්පත් කම නැතිවෙන්නේ නෑ. ඉතින් මෙහෙම පරම්පරා ගණනක් ගියා. මැණික සුරක්ෂිතයි හැබැයි දුප්පත්කමත් එහෙමමයි.
අපිත් ඒ වගේ නෙමෙයිද? ජනතාවගේ බදු මුදලින් ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙන ඔබෙන් ජනතාව බලාපොරොත්තුවන්නේ හොදට ඉගෙන ගෙන රටට වැඩ දායී මිනිසුන් වන එක. නමුත් ඔබට වඩා සේවයක් එහෙම විශේෂ අධ්‍යාපනයක් නොලැබූ ජනතාවගෙන් ලැබෙනවා.

කවද්ද අපේ විශ්ව විද්‍යාල රටේ ගමනට තල්ලුවක් දුන්නේ කකුලෙන් අදින්නේ නැතුව?
ප්‍රබුද්ධයන් වන ඔබගෙන් කෝ අපට නව සොයාගැනීම්? නව දර්ශන? නව මතවාද? නව චින්තන? අපට ඒවා ඕනේ නමුත් කෝ ඒවා?

ඔබට පෙර ඔය මග ගිය බොහෝ විදුදරයන් අද රටෙත් නෑ නේද? සැබෑ සරසවි සිසුවා රටක සමාජයක ගැටලු හදුනා ගත යුතුය. ඒවා අධ්‍යයනය කළ යුතුය. අනතුරුව සමාජගත වී ඒවි විසදිය යුතුය.
ඒ කියන්නේ වසර පනහක් පුරා මේ රටට බිහිවූ එදා ඔබ මෙන්ම විප්ලව කළ දහස් සංඛ්‍යාත විදුදරයන් රටේ ගැටලු වලට විසදුම් සෙවිය යුතුය. එහෙනම් නිදහස් අධ්‍යාපනය රැක ගන්නට පෙරට ආ යුත්තේ ඔබ නොව ඔවුන්ය. ඔවුන් ඔබට වඩා පරිණතය. නමුත් ඔවුන් එන්නේ නැත. අද සිදුවන්නේ සරසවි සිසුවාම ගැටලු විසදීමට යැමයි. නමුත් අවසාන ප්‍රතිඵලය වන්නේ සරසවිය තුළ ගත කරන කාලයෙන් නියම ප්‍රයෝජනය නොගෙන අසම්පූර්ණ මිනිසෙකු ලෙස සමාජගත වී රටට බරක් වීමයි.
ඔබ ඇත්තටම නිදහස් අධ්‍යාපනයට ආදරේ නම් විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසු ඔබේ යුතුකම ඉටු කරන්න. එවිට අපේ නංගිලා මල්ලිලාට නිදහස් අධ්‍යාපනයේ නියම ප්‍රයෝජන ගන්න පුළුවන් වේවි.අන්න එදාට නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත වේවි. රට බැබළේවි

4 comments:

  1. සෑහෙන්න කාලෙකට පස්සේ නිදහස් අධ්‍යාපනය ගැන බුද්ධිමත් පෝස්ට් එකක් දැක්කා. ඔය කියන දේ තේරුම් ගන්න තරම් මොලයක් නැති එක තමයි ප්‍රශ්නේ. මම නම් දකින දෙයක් තමයි පොඩි කාලේ ඉදන් හැමදේම නිකන් ලැබෙන නිසා ආත්මාරථකාමී මිනිසුන් පිරිසක් බවට අපේ මිනිස්සු පත් වෙලා කියලා

    ReplyDelete
  2. ඊයේ මම ට්වීට් කරපු එකට ඔයා බ්ලොග් පොස්ට් එකක් දාපු එක ගැන් ගොඩක් සතු‍ටුයි..

    http://twitter.com/naveenmadhawa/status/15541238098

    ලංකාවේ රජයෙන් නොමිලේ ඉගෙන ගෙන යුතුකම් ඉ‍ටු නොකර රට යන සියල්ලන්ට සහ විශ්ව විද්‍යාලයේ මරා ගන්න හැමෝටම හොද ලිපියක්..

    ReplyDelete
  3. ela ela,den nam duppath un hedi gewilama yai,maru .........apita kiri kapagannaekekwath gol gahakata negaganna ekek wath nethuwa hitiye.........den nam ayeth e set ekak enawaaa....maru maru........RAG 1ka nethi karamu..........Dupath un Campuas eken shape 1 ain karamu.........maru mau....

    ReplyDelete
  4. සිරාවටම කාලෙකින් දැකපු දඩ පොස්ට් එකක්

    ReplyDelete