Tuesday, June 8, 2010

චණ්ඩියාගෙන් පසු මගුල් කෑම

අපේ ගම බොහොම ලස්සන ගමක්. කොච්චර ලස්සනද කිව්වොත් ගමේ ලස්සන බලන්න නොයෙකුත් ගම් රට වලින් විවිධ ඇත්තො ගමට ආවා ගියා. මේ නිසාම ගමේ අයගේ වෙළදාම් එහෙමත් හුගක් සරුවුනා.

ඉතින් අපේ ගමේ මහ එපා කරපු චණ්ඩියෝ ටිකක් හිටියා. මේ චණ්ඩියෝ ටික ගමේ මිනිස්සුන්ගෙන් විතරක් නෙමෙයි ගමට පිටින් එන මිනිස්සුන්ගෙනුත් කප්පම් ගන්න පටන් ගත්තා. තව මංකොල්ල කෑවා විතරක් නෙමෙයි කිහිල දෙනෙකුට අතපයත් අහිමි කළා. මේ හින්දා ටික ටික ගමට පිටින් මිනිස්සු අවේ නෑ. ගම ටික ටික කොන්වුනා. අපි වෙන ගමකට ගියත් අපිව ගණන්ගත්තේ නෑ.

ගමට මිනිස්සු අවේ නැති නිසා වෙළදාම් නැතිවුනා. බොහෝ දෙනෙකුගේ ජීවිත අසරණ වෙන්න පටන් ගත්තා. එන පොට හොද නැති හින්දා ගමේම කට්ටිය එකතු වෙලා චණඩි ටික ගමෙන් පන්න ගත්තා. දැන් ආපහු ගම ඉස්සර වගේමයි. හැබැයි පොඩි කොස්සක්. ඉස්සර වගේ ගමට මිනිස්සු ආවේ නෑ. ඉතින් ඇත්තනේ ඒ මිනිස්සුන්ට අපේ ගම ගැන ඇති වෙලා තිබ්බ බය සැක තාම නැතිවෙලා නෑනේ.

ඉතින් ගමේ ඇත්තෝ මේකට පොඩි උපායක් යෙදුවා. ඒ තමයි අපේ රටේ ජනප්‍රිය නළුවෙකුගේ විවාහ උත්සවය අපේ ගමේ පවත්වන්න. එතුමත් ඒ වැ‍ඩේට කැමතිවුනා. ටිකක් වියදම් කරලා උත්සවය තිබ්බා. වැඩෙත් හොදට කෙරුණා. ගමේ ලස්සන ලංකාව පුරාම රූපපෙට්ටියෙන් පෙන්නුවා. අන්න එතකොට අපේ ගමේ ආයේ ඇවිදින්න කරන්න පුළුවන් කියලා රට්ටු දැනගත්තා. ටික කාලයක් යනකොට අපේ ගම ඉස්සර තිබුනටත් වඩා දියුණු වුනා.

2 comments:

  1. ලීක් නැතිව පුරවල තියනවා...හොඳයි....

    ReplyDelete
  2. එත් සමහර ආරධිත නලුවො එන්නෙ නැතුව හිටියෙ අර චන්ඩින්ගෙ යාලුවො ටිකක් පොඩි සද්දයක් දැම්ම නිසා කියලයි ආරංචිය

    ReplyDelete