Friday, December 18, 2009

පොදු අපේක්ෂාව

ඔන්න ජාතියේ වාසනාවට පොදු අපේක්ෂකයකු පහළ වී ඇත. පොදු අපේක්ෂකයකු පහළ වන්නේ ජනතාවගේ පොදු අපේක්ෂාවන් මල් පල ගැන්වීමටය. (එසේ නොවන්නේ නම් ඔහු අපේක්ෂකයකු වන්නේ කෙසේද??) ඒ මෙතුවක් කල් ජනතාව පුල පුලා බලා සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටය. නමුත් එය කිරීමට අපහසු නිසාදෝ දැන් සූදානම විධායක ජනාධිපති ධූර‍යේ බලතල කප්පාදු කිරීමටය. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම නායකයන්ගේ වගකීමක් නිසා එය පුළුවන් ආකාරයකින් හෝ කිරීම වැදගත්ය.

මෙම විධායක බලතල නිසා බොහෝ දෙනෙකුට කරදර හිරිහැර විය. දින කිහිපයකින් විශ්‍රාම ගොස් විවේකීව සුවසේ ජීවිතය විදීමට සිටි SF ට හදිසියේ හමුදාපති වී වැඩිපුර වසර තුනක් යුද්ධ කිරීමට සිදුවිය. ඒනිසාම මරාගෙන මැරෙන බෝම්බයකටද මුහුණ දීමට සිදුවිය. රටේ විපක්ෂයට ජන වරමක් ලබා ගැනීම දවල් සිහිනයක් විය. ප්‍රභාකරන් ඇතුළු LTTE නඩයට ඊළම අහිමි විය. තමන්ට සිදු වූ දෑ මින් මතුවට කිසිවෙකුටත් සිදු නොවීමට කටයුතු කිරීම කෙතරම් අපූරුද?

0 comments:

Post a Comment