Sunday, December 20, 2009

ගරිල්ලා මාර්කටිං

ජයන්ත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද ගරිල්ලා මාර්කටිං චිත්‍රපටය අන් කිසිම මැතිවරණයකට වඩා මේ මැතිවරණයට උචිතයැයි පළගැටියාට සිතේ. එම කතාවේ අපට අදාළ දෙය මෙසේ සැකවින් දක්වන්නම්. එහි දීද කතා කෙරෙන්නේ ජනාධිපතිවරණයක් ගැන‍යි. එහි විපක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා කටකතා හමුදාවක් නිර්මාණය කොට රට පුරා කට කතා පතුරුවා මැතිවරණය ජය ගනී.

අද ද එවැන්නක් සිදුවන බව පළගැටියාගේ අදහසයි. විපක්ෂය අද රට වටා පතුරුවන්නේ රාජපක්ෂ පවුල ඉතා දූෂිත බවත් ඔවුන් හොරකම් කරන බවත්ය. නමුත් හැමදේකටම ශ්‍රේෂ්ඨාධිකරණයට යන විපක්ෂයේ අපේක්ෂකයා හෝ වෙන අයෙකු මේ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් කරුණු දක්වන මාධ්‍ය වේදීන් හෝ බ්ලොග් කරුවන් අවළාද මිසක පිළිගත හැකි සාක්ෂි ‍පෙන්වන්නේ නැත්තේ ඇයි? අරය කිව්වා මෙයා කිව්වා, මේවා රටම දන්නවා යැයි කියමින් සිටිනවා මිසක් මේතාක් එක ලියවිල්ලක් පෙන්වීමට එම චෝදනා කරුවන් පියවර ගත්තාද???

මහින්දට මෙලෙස චෝදනා කිරීම අහස කඩාගෙන වැටෙනවා කියමින් දිවූ හාවා පසුපස දිවීමට සමාන නොවන්නේද???????? ඔබේ හිතට එකගව ටිකක් හිතන්න.

2 comments:

  1. මේ කාරණාව දෙපැත්තටම පොදු කාරණාවක් නෙව, ඒ ලංකීක දුෂිත පරාජිත දේශපාලනයේ ලක්ෂණයක්.
    මෙවැනිම දේ රජය හා මහින්දගේ පක්ෂපාතින් කෙරෙන බව සැලකුව මැනැවි.

    ReplyDelete
  2. අධික‍්රණයට යන්නේ නැත්තේ ගිහින් වැඩක් නැති හින්ද. හෙජින් ගිවිසුම අහෝසි කිරීම නොපිළිගත්ත නම් අධික‍්රණය මල්ලියි පුතයි වැරදිකාරයෝ කලොත් විනාඩියෙන් ජනාධිපති පොදු සමාව දෙයි.

    ReplyDelete