ලෝකයේ උතුම්ම රට ශ්‍රී ලංකාව බව අප අනාදිමත් කලක පටන් කීවත් මේ උතුම් රටට කුමක් හෝ අපලයක් හෝ කරුමයක් තිබේදෝයි මට ඉතිහාසය ගැන සොයන විට සිතුනා. නිදහස ලැබූදා පටන් අද දක්වා අපි තවමත් තුන්වන ලෝකයේ රටක් ලෙස පවතින්නේ ඇයි?
මටනම් හිතෙන්නේ මේතාක් දක්වා රටට හිතකර කිසිම දීර්ග කාලීන ව්‍යාපෘතියක් නිම කිරීමට නොහැති වීම මීට හේතුව බවයි. ඒ සදහා පාලකයන් පමනක් නොව රටේ ජනතාවද වගකිව යුතුය.
එදා 1948 දී නිදහස ලබා ආරම්භ කල වැඩ පිළිවෙල ඩී.එස්. සේනානායකයන්ගේ අකල් වියෝවත් සමග නැවතී ගියා.
1956 දී පංච මහා බලවේගයන් පෙරටු කරගෙන පැමිණි ඒ විප්ලවීය ගමන් මග බණ්ඩාරණායක මහතාගේ ඝාතනයෙන් නැවතී ගියේ ජාතියේ අවාසනාව තවත් තහවුරු කරමින්.
60-70 දශකය තුළ රටේ සංවර්ධනයට මහා පරිමාණ වැඩසටහන් එතරම් ආරම්භ වූයේ නැත.
1970-77 යුගය ඉතාමතාම වැදගත් යුගයක්. බොහෝ දෙනෙකුට අගහඅග කම් තිබුනත් රටක් ජාතියක් විදිහට තම දෙපයින් නැගී සිටීමට පදනම දැමූ යුගයක් ලෙස එය හැදින්විය හැක. විදෙස් රටවලට ඇති සියලුම ණය ගෙවා එම වැඩ පිළිවෙලේ ඊළග අදියර ක්‍රියාත්මක කිරීමට අපේ ජනතාව අවසර දුන්නේ නැත.
අනතුරුව පත් වන ජේ.ආර් රජය තමන්ටම ආවේනික වූ ක්‍රම වේදයකින් රට ගොඩ නැගීමට උත්සාහ කලා. මහවැලිය ඒ අතුරින් ප්‍රධානයි. නමුත් ඒ වනවිට ඇති වූ උතුරේ ත්‍රස්තවාදයත් දකුණේ භීෂණයත් එහි නිසි ප්‍රතිඵල රටට අහිමි කලා.
අනතුරව මෑතක් වනතුරු කිසිම වැදගත් මහාපරිමාණ වැඩ පිළාවෙලක් මෙරය ක්‍රියාත්මක වූයේ නැත.
වසර තිහක යුද්ධය නිමා වී ඇති මේ මොහොතේ රටේ අති මහත් බහුතරයක් ඉල්ලා සිටින්නේ සංවර්ධනයයි. එය සැබවින්ම ජනතාවගේ පොදු අපේක්ෂාවයි.
වෙනසක් වෙනුවෙන් විශ්වාසය තබා සිටින ජනතාව වෙනුවෙන් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ කුමක්ද?
මෙහි ඉතා පැහැදිළිව සදහන් වන්නේ අප සංවර්ධනය ගැන අවධානය යොමු කළ යුතු අවස්ථාවක හිටියත් අප මංසන්ධියක් වෙත පැමිණ ඇත. ඒ නිසාමදෝ ඔහු තමන් ඉදිරිපත් කරන ප්‍රජාතන්තුවාදය තහවුරු කිරීම ගැන හැර සංවර්ධනය ගැන කිසිවක් ඔහුගේ ප්‍රධන කරුණු දහයේ සදහන් නොවේ.
තවද මෙහි සදහන් කර ඇති කිසිවක් නිශ්චිත කරුණු හැටියට දක්වා නැති අතර ඒවා කරන හැටි දන්න කිසිවෙකුත් නැත. ජනතාවට ඇත්තේ ඒ පිළිපදව විශ්වාසය තැබීමට පමණී.
එපමණක් නොවේ ඔහු කිසිම ආකාරයකින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ගැන කතා කරන්නේද නැත. රටට අවශ්‍ය වෙනස මෙයද?
0 comments:
Post a Comment