Sunday, March 7, 2010

සරසවි ඇත්තන්ගේ අවධානය පිණිසයි

ඔන්න කාලෙකට පස්සේ පළගැටියා ආයෙත් කරළියට එන්නයි හදන්නේ. පහුගිය මාසය පුරාම වැඩ ගොඩක හිර වෙලා හිටියත් අපේ ඇත්තන්ගේ අපූරු බ්ලොග් ලිපි කියවන්න නම් පළගැටියා අමතක කලේ නෑ.

ම්.... මේ දවස්වල සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙන ලිපි පෙළක් තමයි වසන්තයේ අග. අපේ ඇත්තෝ සෑහෙන පිරිසක් ඒක බලනවා වගෙයි. මේ දවස්වල විශ්ව විද්‍යාලයේ නවක වදය (තේරෙන බාසාවෙන් කියනවා නම් කැම්පස් රැග් එක ) ගැන සවිස්තරාත්මකව කියවෙනවා.

විශ්ව විද්‍යාලයකට නොගිය හෝ විශ්ව විද්‍යා‍ලයේදී නවක වදයට හසු නොවුනු ඕනෑම කෙනෙකුගේ මයිල් කෙලින් වන වන හැගීමක් වගේම තමන් දන්න කියන කෙනෙකු විශ්ව විද්‍යාලයට ඇතුලත් කිරීම ගැන දෙපාරක් හිතන තත්වයට පත්කරන විස්තරයක් ලෙසයි පළගැටියා මෙය දකින්නේ.

නමුත් ඒ විස්තර කර තිබෙන හැම දෙයක්ම වගේ ඇත්ත. දැන් හැම තැනම කතාවෙන දෙයක් නේ ජනතාවට ඇත්ත දැනගන්න අයිතියක් තියනවා කියන එක. ඉතින් ජනතාවට මේ ඇත්තත් දැන ගන්න අයිතියක් තියෙනවා. අපි අමතක කරන්න හොද නෑ විශ්ව විද්‍යාල පවත්වා ගෙන යන්නේ ජනතාවගේ බදු මුදලින් බව. අපිට හැමදාමත් ඇත්ත ගැන අපූරු පාඩම් කියලා දෙන අන්තරේ අයියලාට නම් මේක අමතක වෙච්ච එකයි පළගැටියට තියෙන පුදුම‍ය.

හැබැයි මේ රැග් කරන අයයි රැග් වෙන අයයි කවදාවත් මේකට විරුද්ධව වචනයක්වත් කියන්නේ නෑ. මේ අවුරුද්දේ රැග් වෙන අය ඊලග අවුරුද්දේ රැග් කරන අය වෙනවා. මේ රැග් එක නිසා බැච් එක අතර එකමුතුවක් වෙනවාලු. ඒ ඉතින් ඇත්තක් නැත්තෙම නෑ.

ඒ උනාට පළගැටියා හිතන්නේ අපේ සරසවියේ ඉන්න ඇත්තෝ මීට වඩා වගකීමකින් යුතුව හැසිරෙනවා නම් හොදයි කියලා. දැන් බලන්න අපේ විශ්ව විද්‍යාල වලට යන්නේ අපේ රටේ ඉන්න උගත්ම පිරිසක්නේ. (බුද්ධිමත් ද නැද්ද කියල කියන්න නම් ටිකක් අමාරුයි) ඒ උනාට සරසවියෙන් පිට වුනාට පස්සේ ඒ අයට වඩා සරසවි නොගිය ඇත්තෝ ඉදිරියෙන් ඉන්නවදෝ කියල පළගැටියට වෙලාවකට හිතෙනවා. සරසවිය තුළ ඉංග්‍රීසි භාවිතය ඉවත් කරන එය භාවිතා කරන අයව හෙළා දකින බොහෝ සරසවි සිසුන් සමාජය තුළ ඉදිරියට යන්න නොහැකිව ලතවෙන හැටි ඕනෙ තරම් පේනවනේ. පළගැටියා මේ කිව්වේ එක උදාහරණයක් පමණයි. හැබැයි ඉංග්‍රීසි වලින් ඔලුව උදුම්ම ගන්න එක නම් වැරදියි.

සමාජයකට ඕනෙම කරන නායකත්වය, කණ්ඩායමක් තුළ වැඩ කිරීම, සන්නිවේදන හැකියාව, යමක් ඉදිරිපත් කිරීමේ හැකියාව වගේ දේවල් ඒ කියන්නේ ඔය soft skills වගේ දේවල් අපේ සරසවි ඇත්තන් ලග බොහොම අඩුයි. ඉතින් ඔය වගේ රැග් කරනවා වෙනුවට තම තමන්ගේ මෙන්ම අනිත් අයගෙත් පෞරුෂය වර්ධනය කරන වැඩසටහන් ටිකක් ක්‍රියාත්මක කලොත් හොද නැද්ද?

ලොකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලංකාවේ ඉහළින්ම තියෙන්නේ මොරටුව හා කොළඹ විශ්ව විද්‍යාලයි. කව්රුත් දන්නවනේ ඒවායේ රැග් එක ඇත්තෙම නෑ වගේනේ. ඒ උනාට රැග් එක තියෙන පේරාදෙණිය දැන් එකේ ඉදන් තුනට පල්ලම් බැහැලා.

ඔන්න ඉතින් පළගැටියට තේරෙන විදිහට කිව්වා. කාගෙවත් හිත රිදෙන්න නෙමෙයි කාගේ කාගේත් හොදටයි ඕං.

5 comments:

  1. ඔයා හරි. මොරටුවෙ ඉංජිනෙරු පිඨයෙ නම් රැග් එක නැහැ. නමුත් කණ්ඩායම් කිපයකට බෙදිලා නෙද කස්ටිය ඉන්නෙ. කඩ්ඩයි, පෞර්ෂත්ව වර්ධන වැඩසටහන් වල අවශ්‍යතාවය තිබෙනවා. එවා රැග් එකට වඩ ගොඩක් වටියි.

    ReplyDelete
  2. අදහස ගොඩක් වටිනවා. එත් රැග් එක කියන වචනය හින්දා ඕක ගොඩාක් අවුල් කරගන්න එපා. කැම්පස් එකක වාත කරනවා කියලා හොඳ තෙලක් බෙදල,(හැබැයි දේශපාලනේට නෙවෙයි.) ජුන්නන්ගේ බැජ් එකේ ෆිට් එක්ක් හැදුවෙ නැත්නම් අන්තිමේදි ඉස්සරහට එන එවුන්ටත් දුක් විඳින්න වෙයි.
    කරන්න ඕනෙ එක එකාට උදවු කරන පසුබිමක් හදන එකයි මනුස්සකම ගොඩනගන එකයි.
    එතකොට කඩ්ඩ උනත් ප'සනැල්ටිය උනත් හදා ගන්න එච්චර අමාරු නැහැ.අපේ එවුන් පොඩි එවුන්ව මරාගෙන කන්නෙ නතුව උන්ට හොඳ විදියට වාත කරනවානම් ඒක ගොඩාක් පලදායී වේවි.
    අද්දැකීමෙන්මයි කියන්නේ.
    නැත්නම් අපේ සමහර කැම්පස් වගේ එක එකා කල්ලි ගැහිලා දිගටම ගහගන්න එක නවතින එක්ක් නහැ.

    ReplyDelete
  3. චන්දික ගුණතිලක ගේ අදහසට මම එකගයි මාත් විශ්වවිද්‍යාලයක ඉදලා එළිට ආපුකෙනෙක් අපේ තාත්තලා ඉගෙන ගන්න කාලෙත් රැග් එක තිබිලා තියෙනවා හැබැයි ඒ මානුසික ආකාරයෙන් ඒ අය අද උනත් ඒ දේවල් මතක් කරලා ජීවිතයට මිහිරක් විදිනවා. සමාජ අවබෝධය මානුසීය බැදීම් වර්ධනය වන ආකාරයෙන් ඔය රැග් එක පැවතිය යුතුයි. අනෙකාව තේරැම් ගැනීම/සමාජයේ හැසිරිය යුතු ආකාරය අපෙන් සමාජයට විය යුතු දේ වගේ හුගක් දේවල් මමනම් ඒ තුල ඉගෙන ගත්තා කිසිම අමානුසික ආකාරයෙන් වු සිදුවීමක් අපිට නම් උනේ නැ

    ReplyDelete
  4. රැග් එකෙන් පස්සේ... මම දැක්ක වැදගත්ම දේ... රැග් එකට ගොඩාක්ම කැමති පිරිසක් හා හොඩාක්ම අකමැති
    පිරිසක් බිහිවිමයි... එත් බහුතරය තලාපෙලා දමා රැග් එක ඔලුව මත පටවාගත් පිරිස සැම විටම තින්දු හා තිරණ ගැනිමට පෙළෙඹෙයි ඒනිසා
    නමුත් කුහක කමත් ඊර්ශයාවත් ආදි ආකල්පයන් බහුල වශයෙන් රැග් එකෙන් පසු වර්ධනය වන නිසා... රැග් කිරිම තුලින් බලාපොරොත්තු වෙන
    පරමාර්ථය ඉශ්ඨවනු මම කිසි දිනකත් නොදැක්කෙමි...
    සමණල

    ReplyDelete