Saturday, June 5, 2010

iifa award winners - 2010

Best Film

Vidhu Vinod Chopra - 3 Idiots



Best Performance in a Leading Role (Male)

Amitabh Bachchan - Paa



Best Performance in a Leading Role (Female)

Kareena Kapoor - 3 Idiots & Vidya Balan - Paa



Best Direction

Rajkumar Hirani - 3 Idiots



Best Performance in a Comic Role


Sanjay Dutt - All The Best



Best Performance in a Negative Role

Boman Irani - 3 Idiots



Best Performance in Supporting Role (Male)

Sharman Joshi - 3 Idiots



Best Performance in Supporting Role (Female)

Divya Dutta - Delhi 6



Best Debut of the year (Male)

Omi Vaidya - Jackie Bhagnani



Best Debut of the year (Female)

Jacqueline Fernandez - Mahie Gill



Best Playback Singer (Female)

Kavita Seth - Ek Tara (Wake Up Sid)



Best Playback Singer (Male)

Shaan - Behti Hawa Sa Tha Woh (3 Idiots)



Best Music Direction

Pritam - Love Aaj Kal



Best Lyrics

Swanand Kirkire - 3 Idiots



Best Story

Abhijat Joshi, Raj Kumar Hirani, Vidhu Vinod Chopra - 3 Idiots



Habitat For Humanity Ambassadorship

Salman Khan



IIFA outstanding contribution to Hindi Cinema (Male)

J. Om Prakash



IIFA outstanding contribution to Hindi Cinema (Female)

Zeenat Aman



Outstanding Achievement by an Indian Internationally

Anil Kapoor



IIFA Green Global Award

Vivek Oberoi



Best Screenplay

Abhijat Joshi, Rajkumar Hirani, Vidhu Vinod Chopra (3 Idiots)



Best Cinematography

C.K. Muraleedharan (3 Idiots)



Best Dialogue

Rajkumar Hirani, Abhijat Joshi (3 Idiots)



Best Background Score

Sanjay Wandrekar, Atul Raninga, Shantanu Moitra (3 Idiots)



Best Editing

Rajkumar Hirani (3 Idiots)



Best Sound Recording

Bishwadeep Chatterjee, Nihal Ranjan Samel (3 Idiots)



Best Song Recording

Bishwadeep Chatterjee, Sachi K Sanghvi (3 Idiots)



Best Sound Re-recording

Anup Dev (3 Idiots)



Best Choreography

Bosco Martis, Caesar Gonsalves (Love Aaj Kal)



Best Costume Designing

Anahita Shroff Adajania, Dolly Ahluwalia (Love Aaj Kal)



Best Art Direction

Sabu Cyril (Aladin)



Best Special Effects (Visual)

Charles Darby - Eyecube Labs (Aladin)



Best Action

Shyam Kaushal (Kaminey)



Best Make up Artist

Christien Tinsley, Domini Till (Paa)

Thursday, April 1, 2010

ලැජ්ජයි ලැජ්ජයි

තරුණයන් 20ක් පමණ එක් වී එක් තරුණයකු බිම දමා වට කරගෙන පයින් ගසන ඉතා සංවේදී දර්ශනයක් පසුගියදා දක්නට ලැබුනි. කරුණු කාරණා සොයාගෙන යනකොට දැනගන්නට ලැබුනා NDT සිසුන් පිරිසක් තමන්ගේම සහෝදර NDT සිසුන්ට මෙසේ පහර දුන් බව.

ඇත්තටම ලැජ්ජයි. මහජනතාවගේ බදු මුදල් වලින් නිදහස් අධ්‍යාපනය ලබන මොවුන් මේවද කරන්නේ?

දැන ගන්නට ලැබුනු කාරණා අනුව නවක වදයට එරෙහිව NDTය තුළින්ම නැගී සිටින පිරිසකට නවක වදය වෙනුවෙන් පෙනී සිටින අපේ රටට කවදත් මදි නැතුව ආදරය කරන විමුක්තිකාමී රතු සහෝදරයන්ගේ අන්තරයේ පහස ලබන පිරිසක් විසින් ඉතා මිලේච්ච ලෙස පහර දුන් බවයි.

පහුගිය කාලය පුරාම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කල මොවුන් තමන්ගේ විරුද්ධමත ධාරීන්ට සළකන්නේ මෙන්න මෙහෙමයි. අපූරු යහ පාලනය.

Sunday, March 7, 2010

සරසවි ඇත්තන්ගේ අවධානය පිණිසයි

ඔන්න කාලෙකට පස්සේ පළගැටියා ආයෙත් කරළියට එන්නයි හදන්නේ. පහුගිය මාසය පුරාම වැඩ ගොඩක හිර වෙලා හිටියත් අපේ ඇත්තන්ගේ අපූරු බ්ලොග් ලිපි කියවන්න නම් පළගැටියා අමතක කලේ නෑ.

ම්.... මේ දවස්වල සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙන ලිපි පෙළක් තමයි වසන්තයේ අග. අපේ ඇත්තෝ සෑහෙන පිරිසක් ඒක බලනවා වගෙයි. මේ දවස්වල විශ්ව විද්‍යාලයේ නවක වදය (තේරෙන බාසාවෙන් කියනවා නම් කැම්පස් රැග් එක ) ගැන සවිස්තරාත්මකව කියවෙනවා.

විශ්ව විද්‍යාලයකට නොගිය හෝ විශ්ව විද්‍යා‍ලයේදී නවක වදයට හසු නොවුනු ඕනෑම කෙනෙකුගේ මයිල් කෙලින් වන වන හැගීමක් වගේම තමන් දන්න කියන කෙනෙකු විශ්ව විද්‍යාලයට ඇතුලත් කිරීම ගැන දෙපාරක් හිතන තත්වයට පත්කරන විස්තරයක් ලෙසයි පළගැටියා මෙය දකින්නේ.

නමුත් ඒ විස්තර කර තිබෙන හැම දෙයක්ම වගේ ඇත්ත. දැන් හැම තැනම කතාවෙන දෙයක් නේ ජනතාවට ඇත්ත දැනගන්න අයිතියක් තියනවා කියන එක. ඉතින් ජනතාවට මේ ඇත්තත් දැන ගන්න අයිතියක් තියෙනවා. අපි අමතක කරන්න හොද නෑ විශ්ව විද්‍යාල පවත්වා ගෙන යන්නේ ජනතාවගේ බදු මුදලින් බව. අපිට හැමදාමත් ඇත්ත ගැන අපූරු පාඩම් කියලා දෙන අන්තරේ අයියලාට නම් මේක අමතක වෙච්ච එකයි පළගැටියට තියෙන පුදුම‍ය.

හැබැයි මේ රැග් කරන අයයි රැග් වෙන අයයි කවදාවත් මේකට විරුද්ධව වචනයක්වත් කියන්නේ නෑ. මේ අවුරුද්දේ රැග් වෙන අය ඊලග අවුරුද්දේ රැග් කරන අය වෙනවා. මේ රැග් එක නිසා බැච් එක අතර එකමුතුවක් වෙනවාලු. ඒ ඉතින් ඇත්තක් නැත්තෙම නෑ.

ඒ උනාට පළගැටියා හිතන්නේ අපේ සරසවියේ ඉන්න ඇත්තෝ මීට වඩා වගකීමකින් යුතුව හැසිරෙනවා නම් හොදයි කියලා. දැන් බලන්න අපේ විශ්ව විද්‍යාල වලට යන්නේ අපේ රටේ ඉන්න උගත්ම පිරිසක්නේ. (බුද්ධිමත් ද නැද්ද කියල කියන්න නම් ටිකක් අමාරුයි) ඒ උනාට සරසවියෙන් පිට වුනාට පස්සේ ඒ අයට වඩා සරසවි නොගිය ඇත්තෝ ඉදිරියෙන් ඉන්නවදෝ කියල පළගැටියට වෙලාවකට හිතෙනවා. සරසවිය තුළ ඉංග්‍රීසි භාවිතය ඉවත් කරන එය භාවිතා කරන අයව හෙළා දකින බොහෝ සරසවි සිසුන් සමාජය තුළ ඉදිරියට යන්න නොහැකිව ලතවෙන හැටි ඕනෙ තරම් පේනවනේ. පළගැටියා මේ කිව්වේ එක උදාහරණයක් පමණයි. හැබැයි ඉංග්‍රීසි වලින් ඔලුව උදුම්ම ගන්න එක නම් වැරදියි.

සමාජයකට ඕනෙම කරන නායකත්වය, කණ්ඩායමක් තුළ වැඩ කිරීම, සන්නිවේදන හැකියාව, යමක් ඉදිරිපත් කිරීමේ හැකියාව වගේ දේවල් ඒ කියන්නේ ඔය soft skills වගේ දේවල් අපේ සරසවි ඇත්තන් ලග බොහොම අඩුයි. ඉතින් ඔය වගේ රැග් කරනවා වෙනුවට තම තමන්ගේ මෙන්ම අනිත් අයගෙත් පෞරුෂය වර්ධනය කරන වැඩසටහන් ටිකක් ක්‍රියාත්මක කලොත් හොද නැද්ද?

ලොකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලංකාවේ ඉහළින්ම තියෙන්නේ මොරටුව හා කොළඹ විශ්ව විද්‍යාලයි. කව්රුත් දන්නවනේ ඒවායේ රැග් එක ඇත්තෙම නෑ වගේනේ. ඒ උනාට රැග් එක තියෙන පේරාදෙණිය දැන් එකේ ඉදන් තුනට පල්ලම් බැහැලා.

ඔන්න ඉතින් පළගැටියට තේරෙන විදිහට කිව්වා. කාගෙවත් හිත රිදෙන්න නෙමෙයි කාගේ කාගේත් හොදටයි ඕං.

Friday, January 15, 2010

කුහක කම

ජවිපෙ ආරම්භයේ පටන්ම කලේ මේ රටේ දුක් විදින ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ටම බඩේ පහර ගැසීමය.

එදා 1971 දී ඔවුන් දියත් කළ විප්ලවය නිසා ජනතාවට විමුක්තිය කෙසේ වෙතත් රටට ජාතියට තරුණ ජීවිත දහස් ගණනක් මෙන්ම පොදු දේපොල කෝටි ගණනක් අහිමි වූයේ රට වසර දහයකින් ආපස්සට ඇද දමමින්ය. 70-77 යුගයේ ආර්ථිකය බිද වැටීමට මෙය සෘජුව බලපෑවේ රටේ සම්පත් හා රටේ තරුණ ජීවිත රටට අහිමු වූ නිසාය.

අනතුරුව එළභඹෙන ජේ.ආර්. යුගයේ ආරම්භ කළ මහා පරිමානයේ සංවර්ධන කටයුතු වල ප්රවතිලාබ ජනතාවට නිසි පරිදි නොලැබීමට ප්ර්ධාන හේතු දෙකක් ඇත. එකක් උතුරේ කොටි ත්‍රස්තවාදයයි. අනෙක දකුණේ ජවිපෙ විසින් වැපිරූ භීෂණයයි.

මේ නිසාම උතුරේ ත්‍රස්තවාදය මර්ධනය කිරීමට තිබු සම්පත් දකුණ සන්සුන් කිරීමට යෙදවීමෙන් රටට තව තවත් අස්ථාවර විය.

මෙම විප්ලව දෙක නිසාම තරුණ ජීවිත, උගතුන්, බුද්ධිමතුන්, රණවිරුවන්, ආගමික දේශපාලන නායකයින් දහස් ගණනින් රටට අහිමි කිරීමට ජවිපෙ සමත් විය. රට ආපස්සට තල්ලු වූයේ දුප්පතුන් තව තවත් වල පල්ලට යවමිනි.

එදා 2001 දී බලයට පත්වූ රජය ගෙනගිය ආර්ථික වැඩ පිළිවෙලේ ප්ර.තිලාබ ජනතාවට ලැබෙන්නට පෙර එවකට ජනාධිපතිනිය ලවා එම රජය පෙරලුවේ අන් කිසිවෙකුත් නොව ජවිපෙ මය.

ජවිපෙ විසින් සිදුකල සෑම ප්රිධාන කටයුත්තකින්ම අසරණ වූයේ රටේ පීඩිත දුප්පත් ජනතාවයි. ජවිපෙ පෙනී සිටින්නේ මෙම ජනතාව වෙනුවෙනි. දුප්පත් කම තුරන් වනවිට බඩේ පහර වදින්නේ ජවිපෙටමය.

මේ නිසා ඔවුන් කිසි දිනක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියනට සහය නොදක්වයි.ඒවායේ අඩු පාඩු සොයමින් ඒවා කඩාකප්පල් කරයි. ප්රවධාන පක්ෂ දෙකේ ඇති මතභේද යොදා ගනිමින් ආණ්ඩු පෙරළයි. වැඩ වර්ජන උද්ඝෝෂණ හරහා රට අවුල් කරයි. දුප්පත්කම දුරලීමට කිසිවක් නොකරයි. දුප්පත් මිනිහෙක් උත්සාහයෙන් දියුණු වුවහොත් සතුටු වනවා වෙනුවට හොරා යැයි කියමින් වෛරය පතුරවයි. රටේ දියුණුවට යන ගමන කෙසේ හෝ ආපසු හරවා පටන් ගත් තැනටම ගෙන එයි. ඉතිහාසය පුරාම සිදු වී ඇත්තේ මෙයමය. දැන් සිදු වන්නේ මෙය නොවේ යැයි කාට නම් කිව හැකිද?

Thursday, January 14, 2010

තීරණය ඔබගේය

ලෝ‍කයේ උතුම්ම රට ශ්‍රී ලංකාව බව අප අනාදිමත් කලක පටන් කීවත් මේ උතුම් රටට කුමක් හෝ අපලයක් හෝ කරුමයක් තිබේදෝයි මට ඉතිහාසය ගැන සොයන විට සිතුනා. නිදහස ලැබූදා පටන් අද දක්වා අපි තවමත් තුන්වන ලෝකයේ රටක් ලෙස පවතින්නේ ඇයි?

මටනම් හිතෙන්නේ මේතාක් දක්වා රටට හිතකර කිසිම දීර්ග කාලීන ව්‍යාපෘතියක් නිම කිරීමට නොහැති වීම මීට හේතුව බවයි. ඒ සදහා පාලකයන් පමනක් නොව රටේ ජනතාවද වගකිව යුතුය.

එදා 1948 දී නිදහස ලබා ආරම්භ කල වැඩ පිළිවෙල ඩී.එස්. සේනානායකයන්ගේ අකල් වියෝවත් සමග නැවතී ගියා.

1956 දී පංච මහා බලවේගයන් පෙරටු කරගෙන පැමිණි ඒ විප්ලවීය ගමන් මග බණ්ඩාරණායක මහතාගේ ඝාතනයෙන් නැවතී ගියේ ජාතියේ අවාසනාව තවත් තහවුරු කරමින්.

60-70 දශකය තුළ රටේ සංවර්ධනයට මහා පරිමාණ වැඩසටහන් එතරම් ආරම්භ වූයේ නැත.

1970-77 යුගය ඉතාමතාම වැදගත් යුගයක්. බොහෝ දෙනෙකුට අගහඅග කම් තිබුනත් රටක් ජාතියක් විදිහට තම දෙපයින් නැගී සිටීමට පදනම දැමූ යුගයක් ලෙස එය හැදින්විය හැක. විදෙස් රටවලට ඇති සියලුම ණය ගෙවා එම වැඩ පිළිවෙලේ ඊළග අදියර ක්‍රියාත්මක කිරීමට අපේ ජනතාව අවසර දුන්නේ නැත.

අනතුරුව පත් වන ජේ.ආර් රජය තමන්ටම ආවේනික වූ ක්‍රම වේදයකින් රට ගොඩ නැගීමට උත්සාහ කලා. මහවැලිය ඒ අතුරින් ප්‍රධානයි. නමුත් ඒ වනවිට ඇති වූ උතුරේ ත්‍රස්තවාදයත් දකුණේ භීෂණයත් එහි නිසි ප්‍රතිඵල රටට අහිමි කලා.

අනතුරව මෑතක් වනතුරු කිසිම වැදගත් මහාපරිමාණ වැඩ පිළාවෙලක් මෙරය ක්‍රියාත්මක වූයේ නැත.

වසර තිහක යුද්ධය නිමා වී ඇති මේ මොහො‍තේ රටේ අති මහත් බහුතරයක් ඉල්ලා සිටින්නේ සංවර්ධනයයි. එය සැබවින්ම ජනතාවගේ පොදු අපේක්ෂාවයි.

වෙනසක් වෙනුවෙන් විශ්වාසය තබා සිටින ජනතාව වෙනුවෙන් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ කුමක්ද?

මෙහි ඉතා පැහැදිළිව සදහන් වන්නේ අප සංවර්ධනය ගැන අවධානය යොමු කළ යුතු අවස්ථාවක හිටියත් අප මංසන්ධියක් වෙත පැමිණ ඇත. ඒ නිසාමදෝ ඔහු තමන් ඉදිරිපත් කරන ප්‍රජාතන්තුවාදය තහවුරු කිරීම ගැන හැර සංවර්ධනය ගැන කිසිවක් ඔහුගේ ප්‍රධන කරුණු දහයේ සදහන් නොවේ.

තවද මෙහි සදහන් කර ඇති කිසිවක් නිශ්චිත කරුණු හැටියට දක්වා නැති අතර ඒවා කරන හැටි දන්න කිසිවෙකුත් නැත. ජනතාවට ඇත්තේ ඒ පිළිපදව විශ්වාසය තැබීමට පමණී.

එපමණක් නොවේ ඔහු කිසිම ආකාරයකින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ගැන කතා කරන්නේද නැත. රටට අවශ්‍ය වෙනස මෙයද?

Saturday, January 2, 2010

ජෙනරාල් ඔබසැන්ජෝ (General Obasanjo)

1999 දී ජෙනරාල් ඔබසැන්ජෝ (General Obasanjo) නයිජීරීයාවේ ජනාධිපති ලෙස මහජන ඡන්දයෙන් තේරී පත්වූයේ එරට පැවති ආර්ථික සමාජීය හා දේශපාලන ගැටලු විසදීමේ අපේක්ෂාවෙනි. නමුත් 2007 වසරේදී ඔහු එම ධූරයෙන් සමුගන්නා විටත් එම ප්‍රශ්න එලෙසම පැවති අතර ජනවාර්ගික අර්බුධ ආදිය වඩාත් බරපතළ තත්වයකට පත් වී තිබුනි.

නමුත්‍ මෙය සිදු වූයේ ජෙනරාල් ඔබසැන්ජෝ (General Obasanjo) අදක්ෂයකු නිසා නොවේ. ඔහු සැබවින්ම දක්ෂයෙකි. නමුත් ඒ යුධ පිටියේ දීය. ඒ නිසාමදෝ ඔහු විසින් ආර්ථික සමාජීය හා දේශපාලන වැනි සංකීර්ණ ගැටලු විසදීමට තාර්කික විද්‍යාත්මක හා සරල න්‍යායාත්මක ක්‍රම භාවිතා කරන ලදී.


නමුත් මෙවැනි අවස්ථානකට දැක්මක් හා අධිෂ්ඨානයක් මෙන්ම මිනිසුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම, ඔවුන්ට ඇහුම්කම් දීම. විරැද්ධ මත ඉවසීම, තමන්ගේ වැඩ පිළි‍වෙලට අන් අයගේ සහය ලබා ගැනීම, ඒ සදහා ඔවුන් පොළඹවා ගැනීම(අණ දීමකින් තොරව) වැනි ගුණාංගද අත්‍යවශ්‍යය. නමුත් ජෙනරාල් ඔබසැන්ජෝ (General Obasanjo) ට නොතිබුනේද එයමය.