Saturday, January 2, 2010

ජෙනරාල් ඔබසැන්ජෝ (General Obasanjo)

1999 දී ජෙනරාල් ඔබසැන්ජෝ (General Obasanjo) නයිජීරීයාවේ ජනාධිපති ලෙස මහජන ඡන්දයෙන් තේරී පත්වූයේ එරට පැවති ආර්ථික සමාජීය හා දේශපාලන ගැටලු විසදීමේ අපේක්ෂාවෙනි. නමුත් 2007 වසරේදී ඔහු එම ධූරයෙන් සමුගන්නා විටත් එම ප්‍රශ්න එලෙසම පැවති අතර ජනවාර්ගික අර්බුධ ආදිය වඩාත් බරපතළ තත්වයකට පත් වී තිබුනි.

නමුත්‍ මෙය සිදු වූයේ ජෙනරාල් ඔබසැන්ජෝ (General Obasanjo) අදක්ෂයකු නිසා නොවේ. ඔහු සැබවින්ම දක්ෂයෙකි. නමුත් ඒ යුධ පිටියේ දීය. ඒ නිසාමදෝ ඔහු විසින් ආර්ථික සමාජීය හා දේශපාලන වැනි සංකීර්ණ ගැටලු විසදීමට තාර්කික විද්‍යාත්මක හා සරල න්‍යායාත්මක ක්‍රම භාවිතා කරන ලදී.


නමුත් මෙවැනි අවස්ථානකට දැක්මක් හා අධිෂ්ඨානයක් මෙන්ම මිනිසුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම, ඔවුන්ට ඇහුම්කම් දීම. විරැද්ධ මත ඉවසීම, තමන්ගේ වැඩ පිළි‍වෙලට අන් අයගේ සහය ලබා ගැනීම, ඒ සදහා ඔවුන් පොළඹවා ගැනීම(අණ දීමකින් තොරව) වැනි ගුණාංගද අත්‍යවශ්‍යය. නමුත් ජෙනරාල් ඔබසැන්ජෝ (General Obasanjo) ට නොතිබුනේද එයමය.

7 comments:

  1. දැන් පලගැටියා කියන්න යන්නෙ ඔබසැන්ජෝට බැරි හින්ද ෆොන්සේකටත් බැහැ කියලනෙ.
    හැබැයි පලගැටියා ඔය වගේ උදාහරන වල අවුල තමයි ඔව්ව දෙපැත්ත කැපෙන උදාහරන.ඔයා අසාර්ථක වුන හමුදා නිලධාරීන්ව පෙන්නද්දි මම සාර්ථක වුන ලිස්ට් එකක් දෙන්නද?එතකොට මොකද කියන්නෙ?
    අමෙරිකාවේ අයිසන්හවර්
    ප්‍රංශයේ ඩිගෝල්
    ජෙනරල් නොවුනත් හමුදා නායකයෙක් වුන වෙනිසියුලාවේ චාවේස්
    කියුබාවේ කැස්ත්‍රෝ ( ඔහු ගරිල්ලා හමුදාවක අන දෙන නිලධාරියෙක්)
    යමෙක් ජෙනරල් කෙනෙක් වීම මත එයා සාර්ථක වෙයිද නැද්ද කියල කියන එක හෙන අතාර්කික කතාවක්.වැදගත් වෙන්නෙ එයා ඉස්සරහට දාන වැඩපිලිවෙල.දැන් අපේ රට අවුරුදු 60 පාලනය කලේ ජෙනරල්ල නෙමෙයි.ඒත් අපේ රටේ සමාජ ආර්තික අර්බුදය ගැන මොකෝ කියන්නෙ?අවුරුදු 60 ක් ගිහින් තාම ජනගහනයේ 40% විතර දෛනික ආදායම ඩොලර් දෙකට අඩුයි.අපේ රටේ ජනවාර්ගික අර්බුදය උග්‍ර වුනෙත් ජෙනරල්ල රට පාලනය කරල නෙමේනෙ.

    ReplyDelete
  2. මම ඔය උඩ කමෙන්ටුවත් එක්ක සම්පූර්නයෙන්ම එකඟයි..

    1961-1979 දක්වා දකුණු කොරියාවේ ජනාධිපති ලෙස සේවය කරපු මේජර් ජනරාල් පාක් ජංහි ත් එහෙමයි.. දකුණු කොරියාවේ පියා විධියට තාමත් මිනිස්සු මේ ආදරණීය මනුස්සයාව සිහිපත් කරනවා..
    ඉස්සර අපිට වැඩිය ගොඩාක්ම පහතින් හිටපු මේ රටවල් දැන් අපිට ලං වෙන්න වත් බැරි ඉලක්ක වලට ගිහින්.. දන්නවද 2015දී එයාලගේ අපේක්ශිත ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 35000 යි.. අපිට හිතන්නවත් පුළුවන්ද?

    තේරුම් ගනිං, බං ... ඇත්ත නීරසයි.. තිත්තයි..

    ReplyDelete
  3. මෙතන ප්‍රශ්නය තියෙන්නෙ ජෙනරාල් ගැන නෙමෙයි. මිනිහගෙ වටේ ඉන්න ඇම්බැට්ටයො ටික ගැන.උන් වැඩකරන්නෙ රටේ දියුණුවට නෙමෙයි. උන්ගෙ දියුනුවට. අනික පොඩ්ඩක් හිතන්න,, campaign එකේදි මහෙම අනා ගන්නවනම් ඇත්ත ජීවිතේදි රට පාලනය කරන්න ගිහින් ජෙනරාල් කොහොම අනා ගනීද?

    ReplyDelete
  4. මෙහෙමයි මම කාටවත් බෑ කියල කිව්වෙ නෑනේ. නමුත් හමුදා නායකයෙක් ජනතා නායකයෙක් විදිහට ඉදිරියට එනකොට එයාගේ මිනිසුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම, ඔවුන්ට ඇහුම්කම් දීම. විරැද්ධ මත ඉවසීම, තමන්ගේ වැඩ පිළි‍වෙලට අන් අයගේ සහය ලබා ගැනීම, ඒ සදහා ඔවුන් පොළඹවා ගැනීම(අණ දීමකින් තොරව) වැනි ගුණාංග ගැන සැළකිලිමත් වෙන්න ඕනේ. ඇත්තටය ඒ ගතිගුණ තිබුනොත් හොද නායකයෙක් අපට ලැබේවි. නමුත් දේශපාලන වේදිකාවේ භාවිතාකරන වචන,අදහස් තුළ එවැනි දේ කෙසේ වෙතත් වෛරයක් හිතේ තියෙන බව නම් පැහැදිළියි.
    අවංකවම මම කැමති නෑ කැස්ත්‍රෝ,චාවේස් වැනි පාලකයෙක් යටතේ ජීවත් වන්න. ඒ රටවල පුද්ගල නිදහස ඉතාම පහළ මට්ටමකයි පවතින්නේ.

    ReplyDelete
  5. We all know how De Gaulle’s presidency ended up in 1969. The general strike of the French working class and the student movement brought the entire French society into a standstill and forced De Gaulle to get out of politics altogether.

    Remember, when he became the president of France in 1959 global capitalism was going through a boom; thus he could maintain stability until the boom ended in crisis during the 60s. 1968 general strike was the result of that economic doom. His war-time expertise could not handle the gigantic power of the masses.

    ReplyDelete
  6. But still he was the person who put the solid foundation for France.

    ReplyDelete
  7. jest think about SARAHT Ponseka hi is not normal hi is some kind of mentali down gay thatswahy Think About...

    ReplyDelete